gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් බදු පනතෙන් ඔක්කොම හාන්සියි! පඩියට විතරක් නෙමෙයි කොම්පැනිවලටත් බදු වදින හැටි මෙන්න!

දේශීය ආදායම් පනතට ගෙන එන නව සංශෝධන හරහා සුළු හා මධ්‍ය පරිමාණ, නිෂ්පාදන සහ අපනයන ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ ආදායම් බදු ඉහළ නංවා තිබේ. මත්පැන්, දුම්කොළ, ඔට්ටු දැමීම, සූදූ ව්‍යාපාර උපයන ලාභ සඳහා 40%ක බද්දක් පැනවීමට නියමිතය. 
අඟහරුවාදා (11) වනදා නිකුත්කළ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව, ව්‍යාපාරික ආයතන සඳහා අදාළ වන බදු ද සංශෝධන ගණනාවකට ලක්වී තිබේ.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනයක ලාභයට පනවා තිබූ බද්ද 14% සිට 30%ක් දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් ය.

නිෂ්පාදන ආයතන උපයන ලාභය සඳහා 18%ක්ව පැවති බදු ප්‍රතිශතයද 30%ක් දක්වා ඉහළ නංවා තිබේ.

අපනයන ව්‍යාපාරික ආයතනවල ලාභ මත පනවා තිබූ බද්ද 14% සිට 30%ක් දක්වා ඉහළ නැංවෙයි.

මත්පැන්, දුම්කොළ, ඔට්ටු දැමීම, සූදූ ව්‍යාපාර උපයන ලාභ සඳහා 40%ක බද්දක් පැනවෙයි.

ප්‍රාග්ධන ලාභ බද්දට අදාළව ආයෝජන වත්කම් “උප ලබ්ධි කිරීමේදී” ගෙවිය යුතු බද්ද 10%සිට 30% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

තොරතුරු තාක්ෂණ සේවා සපයන ආයතනවලට ලබාදී තිබූ බදු නිදහස 2023 අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමටද නියමිතය.

එමෙන්ම යම් ආයතනයක ස්ථිර සේවකයෙක් නොවන අයෙක් එම ආයතනයට ඉගැන්වීම, දේශන, විභාග පැවැත්වීම්, විභාග අධීක්ෂණ කටයුතු යනාදී වශයෙන් සේවාවක් සැපයීමෙන් මසකට ලක්ෂය ඉක්මවන මුදලක් උපයන්නේ නම් එම මුදලින් 5%ක රඳවා ගැනීමේ බද්දක් අයකරගනු ලබයි.

වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, වරලත් ගණකාධිකාරිවරයෙක්, නීතීඥවරයෙක්, මෘදුකාංග සංවර්ධකයෙක්, පර්යේෂකයෙක් යනාදී වශයෙන් යම් ආයතනයකට සේවා සැපයීමේදීද, උපයන ආදායම මාසිකව ලක්ෂය ඉක්මවන්නේ නම් ඔවුන් 5%ක රඳවා ගැනීමේ බද්දට යටත්විය යුතු වෙයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka