gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාදාගත් ඩොලර් ඉල්ලමක් වියත්මග විනාශ කළ හැටි මුල් පුටුවක සිටි මහාචාර්යවරයෙක් හෙළි කරයි

ශ්‍රි ලංකාවේ හමුවන වටිනා ඛනිජයක් වන මිනිරන් අගය වැඩිකිරීමෙන් එයින් බැටරි නිෂ්පාදනය කොට විදේශ විනිමය ඩොලර් මිලියන ගණනක් වසරකට ඉපැයිය හැකි ව්‍යාපෘතියක් ශ්‍රි ලංකා රජයේ ආයතනයක් මූලිකව ආරම්භ කළද වියත්මග සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් පිරිසක් විසින් මෙම වැඩ පිළිවෙළ  සම්පූර්ණයෙන්ම විනාශ කළ  බව මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සෙනෙවීර පවසයි.

එම ආයතනයේ පර්යේෂකයන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරුව මෙම තාක්ෂණය සොයා ගත් බවත් නූතන තාක්ෂණික මෙවලම් සඳහා මනාව උපයෝගී කර ගත හැකි මෙම බැටරි නිෂ්පාදනය ඩොලර් බිලියන ගණනක් රටට ලාබ ලැබෙන නිෂ්පාදනයක් බවත් එම ඩොලර් ඉල්ලමක් නැති කර ගත් බවත් මහාචාර්යවරයා පැවසුයේ ලංකාසර සමඟ පිළිසඳරකට එක්වෙමිනි.

මහාචාර්ය සෙනෙවීර 2018 වසරේ සිට 2021 දක්වා කාලය තුළ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර එයින් ඉවත්ව දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයයේ සේවය කරයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා මෙලෙස මේ පිළිබඳව විස්තර කළේය.

“ අපේ රටේ තිබෙන වටිනා ඛනිජයක් වන මිනිරන් අද සියයට 90ක් විතරම පිටරටට යන්නේ නිකම්ම ඛනිජ ආකාරයට. එයින් අපට ලැබෙන්නේ සාපේක්ෂව ඉතා අඩු ආදායමක්. නමුත් මේ මිනිරන්වලට යම් අගය කිරීමක් ලැබෙනවා නම් එයින් අපට උපයා ගත හැකි විදේශ විනිමය ප්‍රමාණය විශාලයි.“

“ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධානතම මූලික පර්යේෂණ ආයතනයක් වන මහනුවර හන්තානේ පිහිටි මූලික පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් වසර ගණනාවක් වෙහෙසිලා මෙම බැටරිය නිර්මාණය කළා.

මේ  බැටරි නිෂ්පාදනයට අදාළ පේටන්ට් බලපත්‍ර මූලික අධ්‍යයන ආයතන පර්යේෂකයන් ලබා ගත්තා. ඊළඟ පියවර මෙය වානිජ මට්ටමට ගමන් කිරිමයි.  ඒ සඳහා අවශ්‍ය ව තිබුණේ ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක්. මේ ආයෝජනය කළා නම් වාර්ෂිකව ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබුණා. එහි ඉදිරි වැඩ කටයුතු සැලසුම් වෙද්දි හිටපු ජනාධිපතිවරයාට බලයට පත් වීමට සහය දුන්  වියත්මග කියන සංවිධානයේ  පුද්ගලයන් විවිධ තනතුරු අරන් මෙම ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමේදී අවහිර කළා. . ඔවුන් අවසානයේ සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිරියට ගෙන යාමට බාධා කළා.

“ඔවුන් මේ විනාශ කළේ අද අපේ රටට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබෙන විදේශ සංචිත පුරවන ඩොලර් ඉල්ලමක්. “ යයිද ඔහු පැවසීය.

මේ වගේ දේවල් ශ්‍රි ලංකාව තුළ බොහෝ සිදුවන බවත් රටේ ස්වාභාවික සම්පත් නිසි ලෙස කාර්යක්ෂමතාවෙන් යුතුව ලෝකයේ අවශ්‍යතා අනුව සකසා ගැනීමේ අවස්ථාව උපරිමව පවතිද්දී මෙලස එවැනි අවස්ථා මඟ හැරීම කණගාටුදායක කරුණක් බවත් මහාචාර්ය සෙනෙවීර තවදුරටත් සඳහන් කළේය.

- lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka