gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිලිත්ගේ පත්තරේ චෝදනා ඔප්පු කළොත් ඇමති බන්දුල ගෙදර!

තමන් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර ගැනීමට රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියකුට බලපෑම් කර තිබේ යැයි ඔප්පු කළ හොත් ඊට පසුදිනම ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. 
ප්‍රවෘත්තියක් පළ කර ගැනීමට විෂය භාර ඇමැතිවරයා රජයේ රූපවාහිනී ආයතනයකට බලපෑම් කර ඇතැයි යනුවෙන් දිලිත් ජයවීර මහාතා සභාපති ධූරය දරන ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් මුද්‍රණය කර බෙදාහරින අරුණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යාංශයේ ලේකම්වරයාට හෝ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලේක්හවුස් ආයතනයන්හි ප්‍රධානියකුට හෝ බලධාරියකුට වචනයක් හරි කතා කර ඇති බව ඔප්පු කළහොත් ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දෙන බව ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

මේ ප්‍රවෘත්තිය පළ කළ පුවත්පත් ආයතනයෙන් එය ඔප්පු කිරීමේ යුතුකමක් සහ වගකීමක් තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මාධ්‍ය සහෝදරවරුන් සමඟ උසස් මාධ්‍ය වෘත්තියක් කරා යන්න සූදානම් වන අවස්ථාවේ මෙවැනි දෙයක් පළ කිරීම ගැන කනගාටුවට පත් වන බව ගුණවර්ධන මහතා කීවේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එම උත්සවයට ජනාධිපතිවරයා ද පැමිණි බවත් එම අවස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයත් එහි සිටි බවත් ඇමැතිවරයා කීවේය.

අරුණ පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිය පහත දැක්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka