ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ජයසේකර මහතා ඊයේ දිනයේ මාධ්‍ය හමුවකදී සිදු කරන ලද ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවද නිවේදනයක් නිකුත් කරමින් සංස්ථාව කියා සිටී.
මන්ත‍්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශයන් අසත්‍ය, පදනම විරහිත හා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමේ අදහසින් සිදුකල ප්‍රකාශයන් බවද නිවේදනයේ සඳහන් වෙයි.
තෙල් සංස්ථාව ඉන්ධන අානයනය කරන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් සහ ප්‍රමිතිය තහවුරු කර අවම මිලගණන් ඔස්සේ බවද නිවේදනය තවදුරටත් දැක්වෙයි.
තෙල් සංස්ථාව ඉන්ධන අානයනය කරන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් සහ ප්‍රමිතිය තහවුරු කර අවම මිලගණන් ඔස්සේ බවද නිවේදනය තවදුරටත් දැක්වෙයි.
