gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලන්නේ නෑ!

මේ මොහොතේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ මතය බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ, ඊයේ (05) පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,

“අපි එක දෙයක් ඉතා තදින් විශ්වාස කරනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒක බෙදුම්වාදයට උඩගෙඩි දෙන විදියට, ෆෙඩරල් රාජ්‍යයක් ඇතිවීමට උඩගෙඩි දෙන විදියට ඇති කළයුතු නැහැ. එය කළයුත්තේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීමකට සමගාමීව පමණයි. එහෙම නැතුව මේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකළාම අපි දැක්කා 19 වැනි සංශෝධනයෙන් මේ රටට වුණේ මොකක්ද කියන එක. පාස්කු බෝම්බය පිපිරුණාම ඒකට වගකියන පුද්ගලයෙක් නැතිවුණා මේ රටේ. ජනාධිපතිවරයා කිව්වා ඒක මගේ වගකීම නෙවෙයි කියලා, අගමැතිවරයා කිව්වා ඒක මගේ වගකීමත් නෙවෙයි කියලා, ආරක්ෂක ඇමතිවරයා කිව්වා ඔහුගේ වගකීමත් නෙවෙයි කියලා, පොලිස්පතිවරයා කිව්වා කිසිසේත්ම ඔහුගේ වගකීම නෙවෙයි කියලා. ඒක තමයි 19 වැනි සංශෝධනයෙන් මේ රටට ඇතිකරපු විනාශය. මේ විනාශය නිසා තමයි මේ රටේ ජනතාව අපට තුනෙන් දෙකක බලයක් දුන්නේ ඒ අවස්ථාවේදී මේ 19 වැනි සංශෝධනය ඉවත් කරන්න කියලා.

නැවත වතාවක් වසර දෙකක් ඇතුළත කිසියම් වූ පුද්ගලයකුගේ වුවමනාවකට මේ 19 ආයෙ ගේන්න හදනවා නම් ඒකට සහයෝගය දීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපේ පක්ෂයේ බහුතරයක් ඉන්නවා මතයක මේ අවස්ථාවේදී මේ 19 නැවත ගෙන ඒම සඳහා කරන ප්‍රයෝගකාරී වැඩපිළිවෙල මේ රට අරාජික කරන්න කරන වැඩපිළිවෙලක්ද කියන සැකය බොහෝ දෙනෙකුට තියෙනවා. මේ තත්වය යටතේ බොහෝදෙනෙක් මේ සම්බන්ධයෙන් මතය පළකරලා තියෙන්නෙ මෙය ඉතාම දැඩි සොයාබැලීමකට ලක්කරලා කළයුතු දෙයක් මිස එහෙම හිතුමතේ කළයුතු දෙයක් නෙවෙයි කියලා. මොකද මේ අවස්ථාවේ රටේ තියෙන්නෙ දැඩි ආර්ථික ප්‍රශ්නයක්. මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි ඔවුන්ගෙ ජීවන බර අඩුකරන්න, කඩාවැටුණු ආර්ථිකය නැවත සකස් කරන්න කියන එකයි”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka