gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාස දෙකකින් යලි ජනතා අරගලයක් එනවා.. අපි ඒකට නායකත්වය දෙනවා..

‘අර්බුදය නවත්වන්න කටින් බතල කොළ හිටවලා නම් පුළුවන්කමක් හම්බ වෙන්නේ නෑ කියන එක මේ ආණ්ඩුවේ අයටත් පැහැදිලිව කියන්න කැමතියි. බඩගින්නට විරුද්ධව ජනතාව කරන අරගලයට විපක්ෂය නායකත්වය දෙනවා’
යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ මේ වන විට ලංකාවට විරුද්ධව මේ වන විට මතුවෙලා තියෙන යෝජනාව මං හිතන්නේ ඉතිහාසයේ ආපු දරුණුතම පරාජයක් ශ්‍රී ලංකාවට. වර්තමාන රජය බලයට පත්වුණාට පස්සේ විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සේ සිදු වන මර්දනයන් , අණ පනත් හරහා සැලසුම් කරන මර්ධනයන් ,මේ කියන කාරණා ඔක්කොම බලපානවා. විශේෂයෙන්ම රහස් පනත යටතේ අධි ආරක්ෂිත කලාප ගෙනල්ලා , කතා කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, භාෂණයේ නිදහස නැති කිරීම, ඒ වගේම තමන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඒ වගේම තමාගේ අනාගත අයිතිය වෙනුවෙන් අරගල කරපු තරුණ තරුණියන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පත් ගෙනහල්ලා විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම , ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් අහිමි කිරීම වැනි කාරණා මේ සඳහා බලපෑවා. විශේෂයෙන්ම මේකෙ බලපෑම තමයි මෙවැනි යෝජනාවක් ලංකාවට විරුද්ධව මානව හිමිකම් කොමිසමේදී සම්මත උනහම අපේ රට මේ වෙලාවේ වැටිල තියෙන ආර්ථික අර්බුදයට ත් මේක බලපානවා.

සාමාන්‍යයෙන් ඉහළ සිට පහළ දක්වා ගමේ තේ කඩේ ඉඳන් කතා කරන මනුස්සයා වෙනකන් දන්නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්රතිව්යුහගත කිරීම , ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම යුරෝපා හවුල වැනි ජාත්‍යන්තර ආයතනවල  උදව් උපකාර නැතුව අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් නැහැ. ඒ වගේ වෙලාවක පුරවැසි නිදහස කියන එක ශ්‍රී ලංකාව තුළ තියෙනවා කියන එක තහවුරු වෙන්න ඕන. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජයග්‍රහනය කිරීමේ ඉඩ ප්‍රස්ථාවන්, කතා කිරීමේ අයිතිය නීතියේ ආධිපත්‍යය වැනි තුළින් පුරවැසි නිදහස තියෙන රටක් තියෙනවා කියන එක ඔප්පු වෙන්න ඕන. අනිත් එක මෙවැනි යෝජනාවක් සම්මත වෙනකොට රජය කරන උදවිය ගෙන් ම මේ අර්බුදය කළමනාකරණය කිරීමේ මුවාවෙන් සිදුවන දූෂණ වංචා අවම කිරීමට කටයුතු යොදන්න ඕන. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට උවමනාවක් තියෙනවා නම් මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන ඉදිරිගාමී දැක්මක් යන්න වැඩසටහන් ගණනාවක් කරන්න තියෙනවා. පළමුවෙන්ම ණය ප්රතිව්යුහගත කරන්න ඕන. ඒ වගේම ජනතාවට අවශ්‍ය පහසුකම් ආහාරපාන ටික ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල ආධාර උපකාර ගන්න ඕන.

තුන්වැනි එක තමයි රට ඉදිරියට යන්න සහ නැවත  බංකොලොත් භාවයකට පත් නොවෙන්න නම් ආදායමට වඩා වියදම වැඩි රටක් විදිහට අලුත් ආදායම් මාර්ග සොයා ගැනීමට වැඩපිළිවෙළක් යොදන්න ඕන. ලෝකයේ හොඳම වෙළඳපොළවල් කිහිපයක් තියෙනවා.උදාහරණයක් විදිහට තොරතුරු තාක්ෂණ වෙළඳපොළට අපි එකතු වෙන්න ඕන. ඒ වගේම අධ්‍යාපනය , සෞඛ්‍යය ඉතාම හොඳ වෙළඳ පොළක්. උදාහරණයකට දකුණු ඉන්දියාවේ ජනතාව විශේෂයෙන්ම තාමත් srilankan ශ්‍රී ලංකන් එයා ලයින් එක පාවිච්චි කරනවා. එතකොට අධ්‍යාපන වෙළෙඳපොළ සෞඛ්‍ය වෙළෙඳපොළ තව විවෘත කරලා අපි ඒකට ඇතුලත් උනහම , තොරතුරු තාක්ෂණ ඇතුළත් උනහම විශාල ආයෝජන අවස්ථා සහ අලුතෙන් ඩොලර් ආදායම අපිට ලබා ගැනීමට හැකිවනවා. ඒව කරන්න මේ තියෙන එකෙන් ගොඩ එන්න ඕනේ. ගොඩ එන්න නම් ජාත්‍යන්තර ආයතන වල සහයෝගය අවශ්‍ය වගේම , මේ සිදුවන වංචා දූෂණ නතර කරන්නත් ඕන. ජනාධිපතිතුමාගේ උවමනාව අවංකභාවය පෙන්නන්න ඕන නම් ඒක තමයි කරන්න ඕන.

පහුගිය දවසක පාර්ලිමේන්තුවේ දී මම හෙළිදරව් කෙරුවා ගෑස් වල සිදුවන දූෂණය. බාල බොරතෙල් ගෙනහල්ලා දැන් සිදුවෙන දූෂණය. ඒ වගේම පිරිපහදු කළ තෙල් ගෙන ඒමේ දී සිදුවන දූෂණය.අර්බුද කළමනාකරණය මුවාවෙන් සිදුවෙන මේ අතිවිශාල හොරකම් ටික නතර කරන්න. විශේෂයෙන්ම තෙල් වලින් මාසෙකට ඩොලර් මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් හොරකම් කරන එක නතර කරන්න අවශ්‍ය පියවර ජනාධිපතිතුමා ගන්න ඕන වගේම පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. අපිට ජාත්‍යන්තරය දන්නවා අරක දන්නවා මේක දන්නවා කියලා බොරු කයිවාරු ගගහ ඉඳලා වැඩක් නැහැ. තෙල් වලින් සිදුවන දූෂණය නවත්වන්න ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න පුළුවන්.

ජනාධිපතිතුමාට ඔච්චර ජාත්‍යන්තර පිළිගැනීම තියනවනම් මැදපෙරදිග රටක් එක්ක government to government agreement  එකකට තෙල් ගේන්න  කටයුතු කළා නම් කාටවත් රුපියලක් වත් හොරකම් කරන්න හම්බ වෙන්නේ නෑ. ඒ වගේම අවශ්‍ය තරම් quality තෙල් ගේන්න පුළුවන්. එතකොට ලීටර් 5 ලීටර් 20 කියලා qr ක්‍රමයකට දෙන්න ඕන වෙන්නෙත් නෑ.  ජාත්‍යන්තර ප්‍රජාව මේ සියලු දේවල් දිහා බලාගෙන ඉන්නවා.එතකොට ඔවුන් කල්පනා කරන අපි ආධාර උපකාර කරන ගෑනු මේගොල්ලෝ හොරකම් කරනවා නම් අපි මොකටද දෙන්නෙ කියලා.පැහැදිලිව කියන්න ඕන මේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරන්න ඕන කයිය ගහන්නයි මාධ්‍ය සංදර්ශන තියන්නයි නෙමෙයි. මේවා පාවිච්චි කරල ඒකෙ ප්ර්තිලාභ රටට ගලාගෙන එන්න ඕන.  G to G හරහා තෙල් ගන්න පුළුවන් වෙන්න ඕන.

ඒ වගේම මානව හිමිකම් කවුන්සිලය වේවා   , ජාත්‍යන්තර සංවිධාන සියල්ල ගේම අවධානය ආකර්ෂණය විනිවිදභාවයකින් අපේ රටට ගෙන ඒමෙන් තමයි මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. අර්බුදයෙන් ගොඩ ආවොත් පමණයි අලුත් ආදායම් මාර්ග උපදවන අලුත් සංකල්ප වලට ගිහිල්ලා මේ අරගල කරුවන්ගේ සැබෑ ඉල්ලීමක් වන මේ තරුණ තරුණියන්ගේ අනාගතය මීට වඩා  මේ ඉන්න කළු ඉරෙන් එහාට ගිහිල්ලා දියුණු තැනක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ.

සමහර අය අහනවා අරගලය කරපු අයව පුනරුත්ථාපනය කරන්න පනතක් එනකොට , විශේෂයෙන්ම නම රාජපක්ෂ වගේ අය කියනවා අරගල කරපු අයව පුනරුත්ථාපනය කරන්න ඕන කියලා.එතකොට අපිට අහන්න වෙනවා පුරුද්දට හොරකම් කරන එවුන්ට මොකක්ද කරන්ඩ ඕන කියලා. අර්බුද කළමනාකරණය මුවාවෙන් ගසා කන අයට මොකද කරන්නේ කියලා. රටේ නීතිය කඩන එවුන්ට මොකද කරන්නේ? ජනතාව මේ දිහා බලාගෙන ඉන්නවා වෙලාව ආවම මේවට උත්තර දෙන්න .

විශේෂයෙන්ම මධ්‍යම පාන්තික ජනතාව මේ වෙද්දි ජීවත් වෙන්නේ වෙන්නේ තමන්ගේ savings වලින් ඉතුරු කරපු මුදල් වලින්. තව මාසයක් දෙකක් යනකොට මේ ඉතුරු කරපු මුදල් ඉවර වෙනවා. එතකොට තමයි මේ අර්බුදයේ උච්චතම අවස්ථාවට එන්නෙ. උච්චතම අවස්ථාවේ දී මධ්‍යම පංතිය තුළින් මේ පීඩනයට අමතරව , කලින් අර්බුදය පටන් ගත්තේ තෙල් පෝලිම කරන්ට් කපන එක ගෑස් පෝලිම වගේ දේවල් වලට. මෙදා පාර අරගලය එන්නේ  ඉහළ මධ්‍යම පන්තියක් මධ්‍යම පන්තියක් සමාජයේ අඩු ආදායම්ලාභී ජනතාවත් තමන්ට කන්න නැති එකට. බඩගින්නට විරුද්ධව එන්නෙ.ඒ අර්බුදය නවත්වන්න කටින් බතල කොළ හිටවලා නම් පුළුවන්කමක් හම්බ වෙන්නේ නෑ කියන එක මේ ආණ්ඩුවේ අයටත් පැහැදිලිව කියන්න කැමතියි. බඩගින්නට විරුද්ධව ජනතාව කරන අරගලයට විපක්ෂය නායකත්වය දෙනවා කියන එකත් පැහැදිලිව කියන්න ඕන.

– media unit
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka