gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ‌බොරතෙල් ආනයනයේ පාඩුව ඩොලර් මිලියන 90ක්! එක සමාගමකට පස්ස දොරෙන් වරප්‍රසාද දුන් හැටි අලුත්ම වාර්තාවකින් හෙළිවෙයි!

නිවැරදි නොවන මිල ගණන් ඉදිරිපත් කරමින් නුසුදුසු වර්ගයේ බොරතෙල් ආනයනය කිරීමෙන් පසුගිය මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් රජයට අහිමි වී ඇති බව විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වන බව සන්ඩේ ටයිම්ස් පුව්තපත වාර්තා කරයි.

අදාල විශ්ලේෂණ වාර්තාව මේ වන විටත් රජයට ඉදිරිපත් කර තිබේ.

රටට අහිමි වූ ඩොලර් මිලියන අනූවෙන් පිරිපහදු කළ තෙල් නැව් දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබුණු බවද එකී විශ්ලේෂණ වාර්තාව පවසයි.

රට මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය මධ්‍යයේ අසාධාරණ ලෙස ලාභ උපයාගනිමින් සිටින ආන්දෝලනාත්මක සමාගමක් නිසැක වශයෙන්ම අසාදු ලේඛනගත කළ යුතු යැයි අදාල විශ්ලේෂණ වාර්තාව යෝජනා කරයි.

සමාගමේ නිල නොවන නියෝජිතයාට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ රහස්‍ය සාකච්ඡා සදහා සහභාගීවන ලෙස ආරාධනා කර තිබෙන බවද පැවසේ.

වෙනත් කිසිදු සැපයුම්කරුවකුට එවැනි වරප්‍රසාදයක් ලබා දී නැත.

අනෙකුක් සැපයුම්කරුවන්ගේ නැව් මහමුහුදේ රදවා තිබියදී ආන්දෝලනාත්මක අදාල සමාගමේ නැව් කෙටි පාරින් වරායට ඇතුළු කරගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

ජෙට් ඒ වන් නමැති ඉන්ධන ආනයනය සදහා අවසර ලබා දී ඇති එකම සමාගම අදාල ආන්දෝලනාත්මක සමාගමයි. වෙනත් කිසිදු සමාගමකට ඒ සදහා අවසර ලබා දී නැත.
-mawratanews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka