gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාස 9ට 429ක් ඒඩ්ස් හදාගෙන! කැම්පස් ළමයි 14යි ඉස්කෝලෙ ළමයි 3යි! බස් එකේ කෝච්චියෙ අය අඳුනගෙන මාසයෙන් දෙකෙන් ලිංගික ක්‍රියාකාරකම්ව‍ල‍ යෙදිලා!

2022 වසරේ ගතවූ මාස 09 තුළ HIV ආසාදිතයින් 429 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ඊට විශ්වවිද්‍යාල සිසුන් 14 දෙනෙක් සහ පාසල් සිසුන් තිදෙනකු ඇතුළත්ය. 
අනාරක්ෂිත ලිංගික ක්‍රියා, ආසාදිත මවකගෙන් දරුවෙකුට සහ
ආසාදිතයෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරයට ඇතුළුවීම යන ප්‍රධාන ක්‍රම 03 ඔස්සේ HIV ආසාදනය සිදුවෙයි.

එලෙස ආසාදනය සිදුවී නිසි ප්‍රතිකාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර 2ත් 7ත් අතර කාලයේදී ඒඩ්ස් අවදියට පත්වෙයි.

2021 වසරේදී වාර්තාවූ HIV ආසාදිතයින් ගණන 410කි.

මෙම වසරේ වාර්තා වූ ආසාදිතයින් 429 දෙනා අතර සරසවි සිසුන් 14 දෙනෙක්, පාසල් සිසුන් තුන් දෙනෙක් සහ චීවරධාරීන් දෙදෙනෙකු ද වෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි,

“වයස අවුරුදු 18ත් 30ත් අතර HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් වැඩිවෙලා තිබෙනවා. මේ වැඩිවීම තිබෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. පාසල් සිසුන් නම් බස් එකේදි දුම්රියෙදි අඳුනගෙන මාසයෙන් දෙකෙන් ලිංගික ක්‍රියාකාරකම් නිසා ආසාදිත වූ අය.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka