කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ මුදල් ගෙවන ප්‍රමාණයට යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා තුන අතරින් දෙකක ගොඩබෑම් සිදුකරන්නේ මේ ආකාරයෙන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය අගෝස්තු 23 දා මෙරටට පැමිණි බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවේ බොරතෙල් මෙටි්‍රක් ටොන් 5000 කට මුදල් ගෙවීමෙන් පසු එම බොරතෙල් ප්‍රමාණය ගොඩබා නැවත එම නැව මුහුදට ගොස් ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටී.
මීට අමතරව සැප්තැම්බර් 04 වැනිදා ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගෙන මෙරටට පැමිණි නැව ද මුදල් ගෙවීම් කළ ඩීසල් මෙටි්‍රක් ටොන් 17,000 ක් ගොඩබා ඉතිරි ඉන්ධනවලට මුදල් ගෙවන තෙක් මුහුදේ නවතාගෙන සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටී. මෙම නැව් දෙකට අමතරව ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගත් නැවක් ද මෙරටට පැමිණ නැංගුරම්ලා තිබෙන බව එම ආරංචි මාර්ග පැවසීය.
මෙසේ පැමිණෙන නැව්වලට විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බව ද මෙවැනි තත්ත්වයක් හමුවේ අනිද්දා (15 දා) පැමිණීමට නියමිත පෙට්‍රල් නැව සඳහා මුදල් ගෙවීමේ ගැටලු මතුවිය හැකි බව ද එම ආරංචි මාර්ග කියා සිටී.
චමින්ද සිල්වා
– Divaina
