නව රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ වරප්‍රසාද ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් රාජ්‍ය ඇමතිවරයෙකුට මේ අවස්ථාවේ දී සැලසිය හැකි පහසුකම් ප්‍රමාණය දැඩිව අවධාරණය කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලටය සිද්ධ වී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ වරප්‍රසාද සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරුන්ට කර ඇති බලපෑම් නිසා ඊට පැහැදිලි උපදෙස් ලබා ගැනීම සඳහා ලේකම්වරු ජනාධිපති ලේකම්කාර්යාලය විමසීම මෙම උපදෙස් මාලාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ නිකුත් කර ඇත.
රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා සහ අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව අවධාරණය කරමින් ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.
ඉන් පැහැදිලිවම දක්වා ඇත්තේ මේ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීමක් සිදුනොවන බවය. රාජකාරි හා පරිපාලන කටයුතු සඳහා අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අතිරේක ලේකම්වරයෙක් හෝ සමාන මට්ටමේ වෙනත් නිලධාරියෙක් පත් කරන ලෙස උපදෙස් දී ඇත.
පෞද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා ලේකම් යන නිලධාරීන් ස්වකීය අමාත්‍ය ධූරය දරන කාලයට පමණක් තාවකාලික පදනම මත සේවයට යෙදවිය යුතු බව ජනාධිපති ලේකම් වරයා දන්වා සිටී.
රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරියා පමණක් රජයේ අනුමත ඉන්ධන දීමනාවට යටත්ව වාහනය පහසුකම් ලබන බව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.
