gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැති ඇමැතිවරු සභාවේ නෑ! ඝාතනයට ලක්වූ අතුකෝරල මන්ත්‍රීගේ ශෝක යෝජනාව ඉදිරිපත් නොකරයි! සභාව කල්තියයි!

අද දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කළේය. 
ඒ මහතා කියා සිටියේ අද දිනට එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය ඉදිරිපත් නොකටෙ සභාව කල් තබන බවකි.

මෙහිදී පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ඉතා අඩු මන්ත්‍රී පිරිසක් වීම විශේෂ සිදුවීමකි.

කෙසේවෙතත් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් අද දිනයේදී ඒ මහතාගේ පවුලේ ඥාතීන්ද පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණ තිබිණ.

පසුගිය කාලයේදී මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම් සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සිටි අතර ඔවුන් ඒවාට වන්දි ලබා ගැනීම සම්බන්ධ‌යෙන් දිගින් දිගටම අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka