ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 වසරෙන් පසු දිගින් දිගටම ඉතාම මෝඩ තීරණ ගෙන ඇති බවත් උද්ධච්ඡකම නිසා එම මෝඩ තීරණ මත පිහිටා දිගටම කටයුතු කිරීමට යාමෙන් විශාල හානි කරගෙන ඇති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.
ප්‍රශ්නය – ඔබ ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙ. ඔබලාට පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නෙ නැත්තෙ ඇයි ?
“ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක ඇතුළේ ඒගොල්ලන්ගෙ තීරණය මොකක්ද කියන එක මම දන්නෙ නෑ. නමුත් මම විශ්වාස කරන විදියට ඒක ප්‍රජාතන්ත්‍රවාදීවත් වැරදියි. සාමාන්‍ය තත්වය ඇතුළෙත් ඉතාමත්ම මෝඩ තීරණයක්. ඉතින් එහෙම තීරණ රාශියක් ගත්තානෙ. හැමදාම වැරදි තීරණ අරගෙන ඒ වැරදි නිවැරදි කරගන්න ගිහින් විශාල හානියක් කරගන්න කණ්ඩායමක් අපි අතරේ ඉන්නවා. ඔබ දන්නවා පොහොර සම්බන්ධව වැරදි තීරණයක් ගත්තා, ඒක මෝඩකමට ගත්තේ. හැබැයි උද්ධච්ඡකම නිසා ඒක වෙනස් කෙරුවේ නෑ, විශාල හානියක් වුණා. ඒ වගේම IMF එකට යනවාද නැද්ද කියන එක සම්බන්ධව මෝඩ තීරණයක් ගත්තා, උද්ධච්ඡකම නිසා ඒක වෙනස් කළේ නෑ, විශාල හානියක් වුණා. ඒ වගේම අර මුස්ලිම් ජාතිකයින්ගේ ප්‍රශ්නය. ඒ වගේ ප්‍රශ්න එකින් එක ගත්තාම හැමදාම 2018න් පස්සේ පේන්නෙ ඉතාම බොළඳ තීරණ අරගෙන ඒක ඩිෆෙන්ඩ් කරන්න බරපතළ විදියට මැදිහත් වෙලා විශාල හානි කරගන්නවා. ඉතින් මම කියන්නෙ ඔය කතා කරන්න දෙන්නෙ නැති එකත් ඒ වගේ බොළඳ තීරණයක්. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ තමන් කැමති අදහසත් අකමැති අදහසත් දෙකම කතා කරන්න පුළුවන් තැනක්. එහෙම නැතුව තමන් කැමති අදහස විතරක් කියන්න පාර්ලිමේන්තුවක් තියන්න ඕනෙ නැහැනෙ. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ABC නොදැන කරන වැඩක්. ඕකට මම කලබල වෙන්නෙ නැත්තෙ ඕක ඉදිරියේදී වෙනස් වෙයි”
චරිත හේරත් මහතා මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.