gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආයතන ගොඩගන්න කැබිනට් ඇමතිලා මදි.. තව පත් කලාම ගොඩ දාන්න පුළුවන් - ඇමති ප්‍රසන්න

දැනට කැබිනට් අමාත්‍යවරු පත් කර සිටින්නේ විසි දෙනෙකු පමණක් බවත් එම ප්‍රමාණයත් සමග ආයතන පවත්වාගෙන යාමට අපහසු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන, නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

උදාහරණයක් ලෙස තම අමාත්‍යාංශයේම ආයතන 35 ක් ඇති බවත් ඒවායේ තනිව වැඩ කරන්නට අපහසු බවත් හෙතෙම පෙන්වා දෙයි.

නමුත් රාජ්‍ය අමාත්‍ය පත්කළ පසු ඔවුන්ට ඒ ආයතන ගැන සොයා බැලීමට පවරා දිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එනිසා එම ආයතන තත්ත්වය ඉහළට ගත හැකි බවත් ඒ නිසා අලුතින් රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති බවත් පැවසූ ඔහු පත් කරන ලද රාජ්‍ය අමාත්‍ය කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් නැතිව බවද සදහන් කලේය.

පසුගිය යහපාලන ආණ්ඩුව ඇමති වරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනෙකු පත්කර තිබූ බවත් ඒ සියලුදෙනාටම අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද ලබා දුන් බවත් පැවසූ ඔහු ඊට අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස කණ්ඩායමක් පත්කර ඔවුන්ට ද මසකට රුපියල් ලක්ෂ 6ක් වැනි මුදලක් ලබාදුන් බවද පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka