තමන් පිරිනමා ඇති ආචාර්ය පදවිය චීන කටු චිකිත්සාව සමඟ ද සම්බන්ධ ආචාර්ය පදවියක් බව හිටපු මර්වින් සිල්වා මහතා පවසයි.
වෛද්‍යවරුන් තිදෙනෙකු විසින් තමා ප්‍රශ්න කොට චීන කටු චිකිත්සාව සහ වෙනත් විෂයයන් සම්බන්ධයෙන් තමන් සතු දැනුම පිළිබඳ ඇගයීමක් සිදු කොට තමන් වෙත අදාළ ආචාර්ය පදවිය පිරිනැමූ බව ඔහු අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
කිසිවෙකු මීට පෙර අදාළ ආචාර්ය පදවිය සම්බන්ධයෙන් තමාගෙන් නිවැරදිව ප්‍රශ්න නොකළ බවද පවසන හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අද වන විට ඕනෑම කෙනෙකුට ආචාර්ය උපාධි මිලදී ගත හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
