gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල නොගෙවීමේ මහා ව්‍යාපාරයක් අරඹනවා... බිල වැඩියි ගෙවන්න බෑ... ගෙවන්නෙ නෑ - ඕමල්පේ සෝභිත හිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මහා සංඝරත්නය එක්වී ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

ඒ වැඩිකල විදුලි බලට එරෙහිවය. විරෝධතාවය සදහා බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා සහභාගී විය. විරෝධතාවයෙන් අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍යයට අදහස් දක්වන ලදී.

එහිදී ඕමල්පේ හිමියන් කියා සිටියේ, ඉතාමත් අසාධාරණ ආකාරයෙන් මේ වන විට විදුලි බිල වැඩිවී ඇති බවත් කිසිසේත් එම විදුලි බිල්  ගෙවීමට තමන්ට හැකියාවක් නැති බවත් කෙසේවත් ගෙවන්නේද නැති බවත් කීය.

දැන් එංගලන්තයේත් අසීමිත ලෙස විදුලි බිල වැඩි කරල, ඒ රටේ ජනතාව එකාමෙන් නැගිටී සිටිනව පෙත්සම් අත්සන් කරනව ලක්ෂගනනින්. දැන් කවුරුත් විදුලි බිල ගෙවන්නේ නැහැ. මේ දේද ලංකාවේ කරගන්න ඕන. බිල නොගෙවීමේ මහා වැඩපිලිවෙළක් ගාන්ධික්‍රමයේ වැඩ පිළිවෙ ලක් අපි ඉතාමක් ඉක්මනින් පටන් ගන්නවා. ඒ දේ කරගන්නද මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ දේ කරගන්න ඉඩ හරින්න එපා.

විදුලි බල මණ්ඩලය ආගමික මද්‍යස්ථාන වලට දඩ ගහනව. පොඩි ප්‍රමාණයකින් නෙවෙයි සියයට පන්සියයක්. මේ වෙලාවේ මේ විදුලි බිල් අපිට ගෙවන්න නැහැ, ගෙවන්න බැහැ, ගෙවන්නේ නැහැ. මේ අවස්ථාවේදී කිසිම භේදයකින් තොරව පන්සල් පල්ලි කෝවිල් හා අනෙකුත් සියලු ආගමික ස්ථානවල නායකයන් එකතු විය යුතුයි. එකතුවෙලා මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. විරෝධය ප්‍රකාශ කල යුතුයි.

අපිට සිද්ධවෙනව ආගමක කටයුතු සිදු කරනවිට පොල්තෙල් පහන් ඉටි පන්දම් පත්තු කරගෙන කටයුතු කරන්න. මේ ආණ්ඩුව හදන්නේ ආගමික වතාවත් වලින් ජනතාව ඉවත් කරන්නද? දැන් මේ පොඩි හාමුරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහන් පත්තු කරගෙන ඉටි පන්දම් පත්තු කරගෙන කරන්න වෙන්නේ. එහෙම කරන්න බැහැ. රටේ ජනාධිපති වරයාට වගකීමක් තියෙනවා මේ වගේ වැඩ කරල විදුලිබල මණ්ඩලයේ අලාබ පියව ගන්න බැහැ. මේ රටේ ජාතික ධනය හොරකම්කල පිරිසගෙන් ඒ ධනය නැවත අරගෙන මේ අලාබ පියවන්න. එහෙම නැතිව මේ පොඩිහාමුදුරුවන්ගේ ඉදල අපි සියලු දෙනාට දඩ ගහල හරියන්නේ නැහැ.

අදෘෂමාණ හස්තයකින් මේ ආණ්ඩුව ආගම් විරෝධීව කටයුකු කරන ආණ්ඩුවක්ද? යුක්තිය හා සාධාරණය පිලිබදව අල්පමාත්‍රයකවත් තියෙනව නම් මේ ජනතාව මත ඇති බර විදුලි බිල වහාම අඩු කරන්න. අයවැය හිගය පියවා ගැනීම සදහා හොරකම් කල ධනය නැවත මහාභාණ්ඩාගාරයට ලබාගන්න පිට දඩ ගහන්නේ නැතිව.

– ප්‍රගීත් ජනක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka