එක් එක් අමාත්‍යවරයා ඉන්ධන දීමනාව සමග වාහන 08ක් ඉල්ලයි… සමහර ඇමතිවරු වාහන හොයාගෙන ඊයෙම අමාත්‍යාංශවලට ගිහින්….
අලුතෙන් පත්වුණු රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනාට රජයේ වාහන 296ක් ඊට අදාළ ඉන්ධනත් වාහනවල සේවය කිරිමට රියදුරු සේවකයනුත් වෙන් කිරීමට සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට වාහන 8 බැගින් ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් වෙන් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසා තිබේ.
පෙරේදා පත් කෙරුණු නව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් කීප දෙනෙකු ඊයේ වන විටත් ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් වාහන ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර මේ වන විට නිකුත් කර ඇති චක්‍රලේඛ පෙන්වමින් ඔවුන් තමන්ගේ වාහන හිමිකම් පිළිබඳවත්, ඒවා අවශ්‍ය බවත් බලධාරීන් හමුවේ අවධාරණය කර ඇත.
ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට වාහන දෙකකුත් පෞද්ගලික ලේකම්වරයාට වාහනයකුත්, පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරුන්, පෞද්ගලික සහකාර හා මාධ්‍ය ලේකම්වරයාට අදාළ වාහන හා නියමිත ඉන්ධන දීමනා ලබා දෙන ලෙස ය.
ඔවුන් තමන්ගේ රාජ්‍ය අමාත්‍යධුරයට හිමි අතිරේක දීමනාව ප්‍රතික්ෂේප කළත් මෙතෙක් මෙම වාහන හා ඊට අදාළ අධික අයවැය තමන් වෙනුවෙන් වෙන් නොකරන ලෙස කිසිදු රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙතෙක් ඉල්ලීම් කර නොමැති වග මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
- lankasara
