2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.
ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සිව්වන ස්ථානයේය.
මෙරට ආහාර උද්ධමනය සියයට 91ක් ලෙස එහි දැක්වේ.
ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය සියයට 353කි.
ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ.
තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.