gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!

රට පුරා විහාරස්ථානවල මහා සංඝරත්නය හා පූජ්‍ය පක්ෂය විදුලි බිල  සම්බන්ධයෙන්  විරෝධතාවල යෙදීම  ආණ්ඩුවටත් රටටත් යහපත් නොවන බවත්  විරෝධතා රැල්ලක් තවත් වටයකින් ඇතිවීමට එය හේතුවක් විය  හැකි බවත් ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 
ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා  එම ලිපියෙන් පෙන්වා දුන්නේය.

එසේම ගොවි ජනතාවගේ වී අස්වැන්න කඩිනමින් සහතික මිලකට ලබාගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රතිපාදන සපයා දෙන ලෙසද  ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පවතින ආර්ථික තත්වය හමුවේ රටේ බොහෝ දෙනා තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව සිටින තත්වයක් යටතේ ජනතාව විසින් නඩත්තු කෙරෙන වෙහෙර විහාරස්ථාන හා පොදු පූජනීය ස්ථාන    පවත්වාගෙන යෑම ගැටළු සහගතවී ඇතැයි  පෙන්වා දෙන ජගත් කුමාර මහතා  දෙතුන් ගුණයකින් වැඩිවූ විශාල විදුලි බිලක් ලැබීම හේතුවෙන්  ආගමික ස්ථාන මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයිද  ප්‍රකාශ කළේය.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් වී අලෙවි මණ්ඩලයට මුදල් නොලැබෙන තත්වයක් ඇතැයිද    හෙතෙම පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka