gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කැබිනට් දිවුරුම් දීම අවුලක! පොහොට්ටුවෙන් කචල්! ඇමති ලැයිස්තුවේ දෙදෙනෙකුට ජනපති බෑ කියලා!

කැබිනට් මණ්ඩලය සඳහා නව අමාත්‍යව‍රුන් දිවුරුම් දීම අවස්ථා දෙකකදී සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ 11දෙනකුගෙන් යුත් නාම ලේඛනයේ නම් සඳහන් දෙදෙනකු නිසා බව සඳහන්.

එම දෙදෙනා දිවුරුම් දීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවත් පසුව දිවුරුම් දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඒ එම දෙදෙනා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විරෝධයන් නිසාය.

මේ අතර නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බව පක්ෂය වෙත දන්වා ඇතැයිද වාර්තා වනවා.

කෙසේ වෙතත් අවස්ථා දෙකකදී අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදු කළ නොහැකි බව පොහොට්ටුව විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි සඳහන්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka