gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙච්චර කල් ආවේ 12,000යි! දැන් 60,000යි! ඉස්සරහට ‌ගෙවන්නෙත් 12,000මයි! මැදගොඩ අභයතිස්ස හාමුදුරුවොත් සටනට එකතු වෙයි!

විදුලි බිල වැඩි කිරීමේදී විහාරස්ථානවලටත් නැති සහනයක් ව්‍යාපාරික ස්ථානවලට ලබා දී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ. 
විහාරස්ථානයට මසකට රුපියල් 12,000 ක් ව පැවති විදුලිබිල රුපියල් 60,000 ක් වී ඇති බවත්, එම රුපියල් 60,000 නොසලකා මාසයක් ගානේ ගෙවමින් සිටි රුපියල් 12,000 බැගින් ගෙවීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.

විහාරස්ථානවලට වැඩි වී ඇති විදුලිබිල ගෙවීම මේ වනවිට විහාරාධිපති හිමිවරුන් විසින් ප්‍රතික්‍ෂේප කර නොගෙවීමට තීරණය කර ඇති බවත්, විදුලි විසන්ධි කිරීමක් සිදුවුවහොත් එයට විදුලි බලධාරීන් වගකිව යුතු බවත් උන්වහන්සේ කීහ.

විදුලි ඒකක 180 වඩා වැඩි නම් විහාරස්ථානවලින් ඒකකයට රුපියල් 65 බැගින් අයකරන විට ව්‍යාපාරික ස්ථානවලින් ඒකක 180 ට වැඩි නම් එම ඒකක වලට රුපියල් 32 බැගින් අයකිරීම් සිදුකර ඇති බව ද උන්වහන්සේ කීහ. විiාලංකාර පිරිවෙනේ මසකට රුපියල් 50,000 ක් වූ විදුලිබිල නව වැඩිකිරීම් යටතේ රුපියල් 3,50,000 ක් පමණ වී ඇති බව ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka