gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සතියට ලීටර් 5 මදි! ත්‍රීරෝද රථ රියැදුරෝ පිළියන්දලින් පාරට බහී! මේ ආණ්ඩුව ගෙනාවෙත් අපි! එළවන්නෙත් අපි! (VIDEO)

සතියකට ඉන්ධන ලීටර් 30 ක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සාමාජිකයන් විසින් පිළියන්දල නගරයේ විරෝධතාවයක් පැවැත්විය. 
මේ වන විට සතියකට තමන් වෙත ලබාදෙන ඉන්ධන ලීටර් 5 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එය දිනකට පමණක් සෑහෙන පවසමින් විරෝධතා පූවරු රැගෙන බෝකුන්දර හන්දියේ සිට ත්‍රිරෝද රථ සහ පා ගමනින් පිලියන්දල නගරය දක්වා පැමිණ ඔවුන් සිය විරෝධය රජයට පළ කළහ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර පවසා සිටියේ ,
“ත්‍රීවිල් කර්මාන්තයේ යෙදෙන සමස්ත ජනතාව නන්නත්තාර කරලා තිබෙනවා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව, අපිට QRකෝඩ් එක ගහලා සතියකට ඉන්ධන ලීටර් පහයි දෙන්නේ එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අපේ සියලුම දරු පවුල් කන්නේ බොන්නේ මේකෙන් මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහනයට ලොකු දායකත්වයක් සපයන්නේ ත්‍රීවිල් රථ රියදුරන්

අපි කැමතියි පළවෙනි කිලෝ මීටරය රුපියල් සියයට දුවන්න අපි කැමතියි දෙවැනි කිලෝමීටරය රුපියල් අනූ 90 දුවන්න කිසි ගැටලුවක් නෑ අපි ඉල්ලන්නේ අපිට සතියකට ඉන්ධන ලීටර් තිහක් ඕන බවයි.

අදින් මේ පිලියන්දල නගරයෙන් පටන් ගත්ත ක්‍රියාමාර්ගය මුළු රටේම සෑම නගරයකම මේ ආණ්ඩුව ගෙදර යන තුරු අපි මේ සටන ඉස්සරහට අරගෙන යනවා.”යනුවෙනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka