gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වසන්ත මුදලිගේව දාලා තියෙන්නේ කාලෙකින් ප්‍රයෝජනයට ගත්තේ නැති පරණ ගොඩනැගිල්ලක! දීලා තියෙන්නේ පැදුරක් විතරයි! අහපු එක ප්‍රශ්නයකටවත් මුදලිගේ උත්තර දීලා නෑ! ඔක්කොම ප්‍රශ්නවලට උසාවියේදී උත්තර දෙන්නම් කියලා!

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයකදී පමණක් පිළිතුරු ලබා දීමට තීරණය කර ඇති බව නීතිඥ නුවන් බෝපගේ ඊයේ (24) ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ වසන්ත මුදලිගේ, ගල්වල සිරිධම්ම හිමි හා හෂාන් ජීවන්ත ගුණතිලක යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනාගේ සුවදුක් විමසීම සඳහා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදීය.

පොලිස් නිලධාරීන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට වසන්ත මුදලිගේ පිළිතුරු ලබාදී නොමැති බවත් සියලු ප්‍රශ්නවලට අධිකරණයකදී පමණක් පිළිතුරු ලබා දීමට ඔහු තීරණය කර ඇති බවත් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වසන්ත මුදලිගේ හට කායික වධහිංසා සිදුකර නොමැති මුත් බරපතළ මානසික වධ හිංසාවට ලක් කර තිබූ බවත් බොහෝ කාලයකින් ප්‍රයෝජනයට නොගත් ගොඩනැඟිල්ලක වසන්ත මුදලිගේ රඳවා සිටින බවත් ඔහුගේ ප්‍රයෝජනය සඳහා පැදුරක් පමණක් ලබාදී තිබෙන බවත් නීතිඥවරයා එහිදී සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka