gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත්ට මිලාන්ට උසාවියෙන් දැඩි අවවාදයක් – ජංගම දුරකතන බාර දෙනතෙක් රඳවා ගනී!

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දී මේ සිද්ධිවලට අදාල සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලානි ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහ ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකථන පොලිස් භාරයට ලබා දෙන තෙක් ඔවුන් රඳවා තබා තබා ගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

එම සැකකරුවන් ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් පසු ඔවුන් මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළා.

අධිකරණ නියෝග ලබාදී තිබියදීත් ඒවාට අවනත නොවී සිටීම සම්බන්ධයෙන් සැකකරුවන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව ද ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරුගේ සිට පස් වැනි සැකකරු දක්වා වන අයවලුන්ගේ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කර තිබුණේ ඉකුත් නඩුවාරයේදීයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් යන සැකකරුවන් තවමත් ඔවුන්ගේ ජංගම දුරකථන බාර දී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka