මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා පෙර වසරවලට වඩා අතිවිශාල මුදලක් වැය වනු ඇති බව නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා පවසයි.
හීන්කෙන්ද මහතා බී.බී.සී. වෙත සඳහන් කර ඇත්තේ මෙවර ඇසළ මහා පෙරහැරට එක් දේවාලයක් වෙනුවෙන් පෙරහැර වියදම රුපියල් ලක්ෂ 150ත් -200ත් අතර වනු ඇති බවත්, දළදා මාලිගාවේ පෙරහැර වියදම රුපියල් ලක්ෂ 1000ක් පමණ වනු ඇති බවයි.
අද සවස 6.35ට අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව අති අතර, අලි ඇතුන් 60කට අධික සංඛ්‍යාවක් සහ නර්තන ශිල්පීන් 2,000කට අධික පිරිසක් ඊට සහභාගි වනවා.
පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත සමයේ දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ජනතාවට විවෘත නොකෙරුණු අතර, එම අර්බුදවලින් අනතුරුව මෙවර පෙරහැර ජනතාවට විවෘතව ඇත්තේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.
– lankasara