gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කැකිල්ලේ තීන්දුවක්! මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත් නිසා රටපුරා පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කරයි?

පසුගිය ජූලි මස 09 වෙනිදා රට පුරා වූ සිදුවීම් වලට අදාළව පොලිස් ස්ථානාධිපති වරුන් වෙත වරද පැටවීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. එම සිදුවීමට අදාලව සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් හට ඉහළින් උපදෙස් ලැබී තිබුනේ කිසිම හේතුවක් මත වෙඩි නොතබන ලෙසයි. 
අමාත්‍යංශ මට්ටමින්ම එම දැනුවත් කිරීම සිදුව තිබූ අතර ඔවුන් එම උපදෙස් ක්‍රියාවට නඟා තිබුනා.

එහෙත් මේ වන විට වෙනස්ම තත්වයක් උද්ගත වී ඇති බවයි  දැනගන්නට ලැබෙන්නේ.

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම් වලට වරදකරුවන් කරමින් අදාළ ප්‍රදේශ භාර පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට කටයුතු කරගෙන යන අතර දැනටම ස්ථානාධිපතිවරුන් 35 දෙනෙකු පමණ එලෙස මාරු කර ඇති බවද වාර්තා වෙනවා.

- නෙත් ගොසිප්


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka