gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ තවත් සුපිරි වියදමක් – රාජ්‍ය උත්සවයකට ලක්ෂ 62ක් වැය කරලා!

ජාතික අයවැය චක්‍රලේඛ මගින් රජයේ වියදම් දැඩි ලෙස පාලනය කළ යුතු බව දන්වා තිබියදී ජාතික ශිල්ප සභාව මඟින් සංවිධානය කරනු ලැබූ වාණිජ වේවැල් වගාව පිළිබද රාජ්‍ය උත්සවය සදහා රුපියල් 6,206,150ක වියදමක් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම රාජ්‍ය උත්සවය 2021 ජනවාරි මස 21 වැනි දින පුත්තලම වනතාවිල්ලුව රාල්මඩුව ග්‍රාම නිලධාරී වසමේ දී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ වියදම් දැඩි ලෙස පාලනය කළ යුතු බව හා නිසා මූල්‍ය කළමනාකරණයක් හා මූල්‍ය විනයක් පවත්වා ගෙන යා යුතු බවට අවධාරණය කර තිබියදී මෙම වියදම දරා තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මෙම ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කළ බවත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ මේ සඳහා රුපියල් මිලියන 04ක් හා දීප ව්‍යාප්ත ප්‍රචාරණයක් ලබා දීම සදහා වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට රුපියල් මිලියන 02ක් වැය කළ බව ජාතික ශිල්ප සභාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ජාතික ශිල්ප සභාව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙම  විගණන වාර්තාව නිකුත් කොට තිබුණා.

ලලිත් චාමින්ද


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka