gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් කේටරින් විකුණන හැටි ඇමැති හෙළි කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ 49% ක කොටස් රජය විසින් විකිණීමට නියමිත බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ පැවැති අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියා.

ජාතික ගුවන් සේවයේ 51%ක බහුතර කොටස් රජයට හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ හරහා ලැබෙන මුදල්, ශ්‍රීලන්කන් ගුවන් සමාගම හැකි පමණ ණය බරින් නිදහස් කර ගැනීමට යොදා ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.126ක් වන බවත් එය රුපියල්වලින් බිලියන 401ක් බවත්ය.

“දැනට ලාබ ලබනවා ශ්‍රීලන්කන් සමාගම. ඉතින් අපි ශ්‍රීලන්කන් කේටරින් සමාගමෙන් 49%ක් සහ එහි පරිපාලනය 51%ක් අපිට තියාගෙන එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයෝජකයෙක් තවත් වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලනවා නම්, ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේ ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ යම් මුදල් ප්‍රමාණයක් ලබාගන්න. ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තහම අපිට ඒ සමාගමේ කොටස් උකස් කරලා අරන් තියෙන ඩොලර් මිලියන 80ත් තව මුදල් ප්‍රමාණයකුත් තව ණයකුත් අපිට ඒකෙන් ගෙවන්න පුළුවන්.එතකොට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය බර එක් ප්‍රමාණයකට අඩුවෙයි.

ඊළඟට දැනට අපේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්වලදී අපි වෙන ම සමාගමක් හදනවා. ඒ සමාගමට අදාළ කාර්ය භාර්යය සහ චංචල හා නිශ්චල දේපළ දීලා, එතැනින් අපිට අවුරුද්දකට මිලියන 5,000ක පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා එය අපිට ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අපි හිතනවා සෑහෙන මුදලක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. 49%ක කොටස් දුන්නට කවුරුත් එන්නේ නෑ. ඒ නිසා පරිපාලනය දෙන්න ඕනේ. ඒ සඳහා ලන්සු කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන වැඩවලට මුදල් යොදවන්න නෙමෙයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් පුළුවන් ප්‍රමාණයකට මුදවන්න.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka