gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති තෝරන ජන්දය දවසේ පොහොට්ටු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගේන්න වාහන දීලා...පස් දෙනෙක්ට තවත් මාස 2ක් වාහනයි තෙලුයි දීලා - විපක්ෂනායකවරයාගෙන් හෙළිදරව්වක්!

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ව නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වේ. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබේ.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද පැවසීය.

ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුව අද(16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රට ගොඩ නගනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව විසින් මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බවත් එවැනි දේ අවශ්ය නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බව ද පැවසිිය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka