gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවක් පිං පඩි ගෙවන්න සූදානම් නෑ... වැඩ කරන්න බැරි නම් ගෙදර යනු – ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට රතු එළි!

වැඩ කළ නොහැකි සියලු දෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් නැවත එජාපයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් යැයි ද පැවසීය.

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, කිසිවෙකුට නිකන් කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලු දෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් පැවසීය.

ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

“විශේෂයෙන්ම අපේ කෘෂිකර්මයෙන් අපි ආරම්භ කරමු. මේ වැඩ කටයුත්ත කරන කොට ඔබ සියලුදෙනාටත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වැඩසටහනක් තියෙනවා. මොකද්ද වෙන්නේ, මොකද්ද අඩුපාඩුකම් තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම්දෙන්න. ඒ අය ඇවිත් පාර්ලිමේන්තුවේ දැනුම්දෙනවා. අපිට පුළුවන් එකට එකතුවෙලා ඒ වැඩසටහන කරන්න.

වෙනත් බෝග වගාකරන්න පුළුවන් නම් ආධාර උපකාර ඕනේ නම් කරන්න. මං හිතන්නේ ගම් මට්ටමේ නිලධාරීන් 9 දෙනෙක් ඉන්නවා. ඒ අය වගා කළොත් ඇති නේ. තව මුකුත් ඕනේ නෑ. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය බෙදලා හැමකෙනාටම කොටසක් වගා කරන්න කියනවා. වැඩ කරනවා නම් වැඩ කරන්න. බැරි නම් ගෙදර යන්න.

අපි නිකන් ගෙවන්න ලෑස්ති නෑ. ඒක දිසා ලේකම්තුමාට බලාගන්න වෙයි, ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. කාටවත් නිකන් කන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. මොකද අපි ගෙවන්නේ. මටත් නිකන් කන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. මම මේක දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. ඉස්සෙල්ලා ගමෙන් පටන් ගමු.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka