gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොරකම්-මැරකම්වලට සම්බන්ධ පොහොට්ටුවේ අයයි සජබෙ අයයි සිරිකොත පැත්තට පෙරහැරේ යනවා - පොහොට්ටු මන්ත්‍රී එල්ලාවල කියයි

වැඩි දවසක් නොගොස් සිරිකොතට අලි පෙරහරක් මෙන්ම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරන බවත්, එසේ වුවහොත් සජබෙටයි – පොදුජන පෙරමුණටයි අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ බණ්ඩාරගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තමයි එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පසු බැහැලා විනාශ වුණේ.ඒක මුළු රටම දන්න කාරණයක් . දැන් රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගොඩ ගන්න හොඳම කාලේ මේක තමයි කියලා. ඒ නිසා අද සමගි ජන බලවේගය විනාශ කරමින් පවතිනවා.අලි පෙරහැරක් සිරිකොතට යනවා කියන්නේ සජබ විනාස වෙනවා කියන එකයි. ඒ වගේම තමයි ඒ පිටු පස්සෙන් පොහොට්ටුවේ කණ්ඩායමකුත් සිරිකොතට යන ලකුණු පෙනෙනවා. ඒ පෙරහැරේ ඉන්නේ හොර මැරකම් දූෂණ චෝදනාවට ලක් වූ පුද්ගලයන්,ඒකයි දැන් සිටම රනිල් වන්දනාවේ යන්නේ. මේක අපේ පොහොට්ටුව අය තේරුම් ගන්න ඕන එහෙම තේරුම් ගත්තෙ නැත්තං එක්සත් ජාතික පක්ෂෙට එදා වෙච්ච දේමයි පොහොට්ටුවටත් වෙන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka