gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති ඔවුන්ගේ සම්බන්ධයක් ඇති බව හෙළිවන නිසාද?

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 40ක් අවසන් වුවත් එයට මෙතෙක් යුක්තිය ඉටුව නැතැයිද පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වන නිසාදැයි සැකයක් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතු බවත් නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බියවිය යුතු නැති බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මේ බව පැවසුවේ රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී අද (21) පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමිනි.

පවුකාර ආශාවන් නිසා ජීවිත අඳුරු වන බව කී කොළඹ අගරදගුරුතුමෝ සාර්ථකවීම යනු ධනය බලය දිනාගැනීම නොවන බවද පැවසූහ.

අවුරුදු 75ක් පුරා රට තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව රට තුළ නොබෝදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත් සමාජීය වෙනසක් ඇතිකිරීමට නම් සියලු දෙනා ජීවිත වෙනස් කරගත යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කීහ.

ධර්මිශ්ට සමාජයක් ඇති කරන බව කියමින් බලයට ආ නායකයන් කණ්ඩායමක් පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය ඇති වූ බවත් ආසියාවේ ආශ්චර්යය කරන බව කී කාලයේ විශාල කුලුනක් හදාගෙන ඇති බවත් සෞභාග්‍ය කී කාලයේ මිනිස්සු මිලියන හයකට කන්න තිබෙන්නේ එක වේලක් බවත් කී අගරදගුරුතුමෝ එම ක්‍රම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka