gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත්‍රීවරු වර්ජනය කරන්න ගිය ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දින කැදවනු ලැබ තිබූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම හෙට සවස 5ට මුදල් අමාත්‍යංශයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණ.

ජනාධිපතිවරයා හා සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර පැවැති සාකච්ජාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙම රැස්වීම පිළිබදව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර නොතිබීම හේතුවෙන් එහි මන්ත්‍රී කණ්ඩායමක් සූදානම්ව සිටියේ මෙම රැස්වීම වර්ජනය කිරීමටය.
 
කෙසේවෙතත් අද දිනයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ අදාළ රැස්වීම අවලංගු කළ බවත්, අගහරුවාදා දින අතුරු අයවැය ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පස්වරු 2.15ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වෙන බවත්ය.

උපුටා ගැනීම : මව්රට


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka