gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුව හබක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ජා කළද ඒ සියල්ල මේ වනවිට අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වද නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ඉදිරිපත් නොවීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වූ අතර එහිද සජබ නායකයන්ද පෙන්වා දී තිබුණේ ආණ්ඩුවේ ඇමැතිකම් නොගෙන විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවට සහාය දීමට හැකි බවකි.

ඒ අනුව පක්ෂ වශයෙන් ආණ්ඩුවට එක්කරගැනීමේ වැඩපිළිවෙළ පසෙක තබා පුද්ගලයන් වශයෙන් විවිධ පක්ෂවලින් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගෙන ඇමැති ධූර ලබා දීමේ මෙහෙයුමක්ද පසුගිය සති කිහිපය පුරා ක්‍රියාත්මකව පැවතිණ.

නමුත් ඊටද මේ වනවිට මන්ත්‍රීවරුන්ගේ අකැමැත්ත ප්‍රකාශ වී ඇති බව දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka