gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දය තවත් අවුරුද්දකින් කල්දාන්න යයි!

වසරකින් කල් දමා ඇති පළාත්පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටින්නේ කොමිසමට පළාත් පාලන මැතිවරණය පිළිබඳව ලැබී ඇති බලතල අනුව ලබන සැප්තැම්බර් 20 වැනිදායින් පසුව ඔක්තෝබර් 31 ට පෙර දිනක පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට තීරණය කොට ඇති බවය.

එහෙත් ආණ්ඩුවට අවශ්‍ය නම් පවතින පළාත් පාලන පනතට නව සංශෝධනයක් ගෙන එමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමිය හැකි බවද ඔහු පෙන්වාදී තිබේ.

මේ පිළිබඳව කළ විමසීමක දී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ පළාත් පාලන අමාත්‍යවරයාට හැකියාව ඇත්තේ එක්වරක් පමණක් එම මැතිවරණය කල් දැමීමට බවයි.

කෙසේවුවද, පළාත් පාලන මැතිවරණ කල් දැමීමට නම් එම පනතට සංශෝධනයක් එක්කොට තවත් වසරකින් මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම ආණ්ඩුවට හැකියාවක් ඇති බවද ඔහු පෙන්වාදී ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් පැෆරල් සංවිධානය ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බවද ඔහු ප්‍රකාශ කර සිටී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka