පසුගිය මැයි 09 වන දින තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට සිදු වු සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසිය විසින් සිදුකල විමර්ශනයකට අදාලව හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන නිහාල් වෙදආරච්චි අද (11) තංගල්ල මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් නිහාල් වෙදආරච්චි හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය හා හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ සොහොයුරෙකුද වෙයි.
පසුගිය මැයි 09 වන දින තවත් පිරිසක් සමග තංගල්ල කාල්ටන් නිවස අසලට පැමිණ විරෝධතාවයක් පවත්වමින් එහි කළහකාරී ලෙස හැසිරෙමින් නිවස ඉදිරිපිට ඉදිකිර තිබූ විශාල ප්‍රමාණයේ කටවුට් කිහිපයකට හා කාල්ටන් නිවසේ ජනේලයක වීදුරුවකට පහරදි අනර්ථයක් සිදු කිරිම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් නිහාල් වෙදආරච්චි තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල තොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්නගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.