gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩලස්-GL හමු නොවන්නැයි පොහොට්ටුවෙන් බලපෑම්! අනුරපුර ගමනින් ඇතුළේ ජරමර!

පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන ඩලස්- GL පීරිස් ඇතුළු කණ්ඩායම පසුගිය සති අන්තයේ අනුරාධපුරය පැමිණ අටමස්ථාන වැඳ පුදාගෙන එහි වෘත්තිකයන් සහ පක්ෂ ක්‍රියාකාරිකයන් මුණගැසිණි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ කුමාරසිරි රත්නායක මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සහභාගී නොවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ඉහලම මට්ටමින් විවිධ බලපෑම් එල්ල වී තිබුණි.

කෙසේ නමුත් අනුරාධපුර ආරංචි මාර්ග පවසන ආකාරයට ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් හොර රහසේම ඩලස්- GL හමුවීම සඳහා වෙලාවල් වෙන් කරගෙන තිබුණි. මේ නිසා එක දිනක් වැඩියෙන් අනුරාධපුරයේ නැවතීමට ඩලස්- GL කණ්ඩායමට සිදු වූ බවද වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණයකදී පොහොට්ටුවෙන් තරග කිරීමට නොහැකි බවත් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත් ඒ බොහෝ දෙනාගේ අදහස වී ඇත.

ඉදිරි දිරි මැතිවරණයකදී නව දේශපාලන සංධානයකින් තරග කිරීමට කැමති බව පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයන් රැසක් පවසා ඇත.

ඩලස්-GL කණ්ඩායම හමු නොවන ලෙස කුමන බලපෑම් කළ ද ඒවා නොසලකමින් ඔවුන් මුණ ගැසීමට ගිය ප්‍රාදේශීය දේශපාලනඥයින්ට අනුරාධපුර තවත් දේශපාලන ප්‍රධානියෙක් බැන වැදී ඇති බව ද වාර්තා වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka