මෙරට කලහාකාරී සිදුවීම් ඇති වුනු දින වල දී පාර්ලිමේන්තු ගිනිබත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මේ බව දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුද්ගලයන්ට නිදහසේ රැස්වීමට සාමකාමී විරෝධතා උද්ඝෝෂණ සිදු කිරීමට අයිතිය ඇතත් ප්‍රචණ්ඩකාරීව කටයුතු කිරීමට අවස්ථාවන් නැති බව ද ඇමතිවරයා සදහන් කලේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.