අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ (අගෝ. 22) පෙරවරුවේ පැමිණිය ද ඔවුන්ට අගමැතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.
එම සංගමයේ නියෝජිතයන් මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයට පැමිණි අවස්ථාව වන විට අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබිණි.
අගමැති කාර්යාලයේ නියෝජිතයෙකු සඳහන් කළේ, පෙර දැනුම්දීමකින් තොරව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ පිරිස අගමැති කාර්යාලයට පැමිණ තිබූ බව ය.
බිත්තර සඳහා පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් නොලැබෙන්නේ නම්, බිත්තර ව්‍යාපාරයෙන් ඉවත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක අනතුරුව අදහස් දක්වමින් පැවසීය.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර නොගන්නේ නම්, තවදුරටත් බිත්තර ව්‍යාපාරයේ යෙදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
සුදු බිත්තරයක් රුපියල් 43කට ද රතු බිත්තරයක් රුපියල් 45කට ද අලෙවි කරන ලෙසට ගැසට් නිවේදනයෙන් නියම කර ඇතත් එම මිලට බිත්තරයක පිරිවැය ආවරණය නොවන බව ද හෙතෙම කීවේ ය.
බිත්තරයක් නිෂ්පාදනය කර ප්‍රවාහනය කිරීමට රුපියල් 52ක් වැයවන බව ත්, එහිදී ගොවිපළේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට පමණක් බිත්තරයකට රුපියල් 4ක් වැය වන බව ත් ඔහු පැවසීය.