gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන ඔත්තු නැව හම්බන්තොට සිටි දවස් ටිකේ ඉන්දු-චීන චන්ද්‍රිකා යුද්ධයක්!

පසුගියදා හම්බන්තොට වරායට පැමිණි යුවාන් වෑන්ග් 5 අධිතාක්ෂණික චීන නෞකාව ඊයේ (22) හම්බන්තොට වරායෙන් පිටත්ව ගොස් ඇත.

යුවාන් වෑන්ග් 5 නෞකාව ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසුව ඉන්දීය චන්ද්‍රිකා තුනක් මගින් එම නැවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් නිරීක්ෂණයක් සිදුකර ඇති බවටත්, නැවේ චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සංඥා පද්ධතියට එම චන්ද්‍රිකා මගින් යම් යම් බාධා එල්ලවී ඇති බවටත් තහවුරු නොකළ තොරතුරු පවතින බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉන්දියාව කක්ෂගත කර ඇති GSAT-7, EMISAT & RISAT යන චන්ද්‍රිකා මගින් නෞකාව දැඩි නිරීක්ෂණයට ලක් කොට තිබේ.

යුවාන් වෑන්ග් 5 නෞකාව ඉන්දියන් සාගර කලාපයට ඇතුළු වූ අවස්ථාවේ සිට එහි ක්‍රියාකාරීත්වය අදාළ චන්ද්‍රිකා මගින් දැඩි නිරීක්ෂණයට ලක්කොට ඇති බවයි වාර්තා වන්නේ.

lankasara


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka