gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වීසා අවලංගු කර දින 10ක්… ගෝල්ෆේස් අරගලය ලෝකයට කී ස්කොට් තරුණිය තවමත් ආගිය අතක් නෑ!

ගෝල්ෆේස් අරගලයේ සිදුවීම් ජාත්‍යාන්තරයට වාර්තා කිරීම හේතුවෙන්  වීසා අවලංගු කර රටින් පිටුවහල් කිරීමට නියමිතව සිටින සිටින ස්කොට් ජාතික තරුණියකවන කේලි ෆ්‍රේසර් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි බීබිසි ය වාර්තා කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව  බීබිසි ය වෙත පවසා ඇත්තේ ඇය පිළිබඳ කිසිම තොරතුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවය.

අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර අගෝස්තු 26 වැනිදා බීබීසී සිංහල සේවයට සඳහන් කළේ ස්ථාන කිහිපයකම සොයා බැලුවද මෙතෙක් ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ඇය සොයා විමර්ශන ක්‍රියාත්මක බවද මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය.   “වීසා නැතිව ඉඳීම වරදක්” ඇය කියා සිටියාය.

අරගලය පිළිබඳ Instagram ඔස්සේ වාර්තා කළ මෙම බ්‍රිතාන්‍යය තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසු පැවැත්වු විමර්ශනයකින් අනතුරුව ඇයගේ වීසා අවලංගු කෙරිණි. ඒ , වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.

අනතුරුව තමාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා කේලි ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළ අතර අගෝස්තු 16 වැනිදා පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණ.

කේලි ෆ්‍රේසර් ව සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව දින 10ක පමණ කාලයක් ගතව ඇතත් ඇය පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට අදාළ අංශවලට මෙතෙක් හැකිවී නොමැත.

බීබීසී –


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka