ජනතා විරෝධය හමුවේ රටින් පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තව දුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා දින 14ක කාලයක් වීසා දීර්ඝ කරන්න යැයි ශ්‍රී ලංකා රජය සිංගප්පූරුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙන බව ඩේලි මිරර් පුවත්පත පවසයි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවන නමුත්, ඒ සඳහා අවසර ලැබෙනු ඇතැයි සඳහන් වේ. ජනාධිපතිවරයාට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් හෝ වෙනත් විශේෂ පහසුකම් කිසිවක් නොලැබෙන බව මින් පෙර සිංගප්පූරු රජය ප්‍රකාශ කර තිබිණි.
ජූලි 14 වෙනිදා මෙරටින් පළා ගිය හිටපු ජනාධිපතිවරයා, මාලදිවයිනට ගොස්, ඉන් අනතුරුව සිංගප්පූරුවට ගියේය. අගෝස්තු 14 වන විට ඔහු එරට රැඳී සිටි කාලය මාසයක් සම්පූර්ණ වෙන අතර ඉන්පසු තවත් දින 14ක කාලයක් සඳහා වීසා ලබා දෙන්න යැයි ශ්‍රී ලංකා රජය ඉල්ලා තිබේ.