gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුධ අපරාධ කළ ගෝඨාභය ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යනු – ජිනීවා වෙත සන්දේශයක්

දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා ලබන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා එයට සහාය දුන් පිරිස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි ලීලාදේවි ආනන්දන් නඩරාජා පවසයි.

වව්නියාව නගර සභා මණ්ඩපයේ දී ඇය ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයට සංදේශයක් යැවීමට ද තීරණයයු කර ඇති බවය.
 
මෙම සංදේශයට සිවිල් සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල පුජ්‍ය පක්ෂ හා දේශපාලන පක්ෂද සිය සහයෝගය පළ කර ඇති බවත් එම පාර්ශ්ව ද මෙම සංදේශයට අත්සන් කරනු ඇති බවත් නඩරාජා පැවසුවාය.

මෙම සංදේශය සකස් කරමින් පවතින අතර එය කඩිනමින් අත්සන් කර ජීනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට මත්තෙන් යැවීමට පියවර ගන්නා බව ද කීවාය.

මෙම සංදේශයට සමගාමීව ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණ නතර කිරීම වැනි ඉල්ලීම් හා ගැටලු ඇතුළත් කළ තවත් සංදේශයක්ද යැවීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka