gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැට්ටා, ළහිරු, ජිනරතන හිමිට අධිකරණයෙන් ඇප නියමවේ!

උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ළහිරු වීරසේකර, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝග කළේ ඔවුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමටය.

තලංගම සහ කොටුව ප්‍රදේශවල පසුගිය ජුනි මස 09 හා 10 යන දෙදින තුළ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ මොවුන් පසුගිය 22වනදා මරදාන පොලීසියට භාරවී තිබුණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව සඳහන්ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka