gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් එකේ පෝස්ට් දැම්ම කියල මහින්ද මහත්තයගෙ ගමන නවත්වන්න කිසිකෙනෙකුට බෑ...කරන්න දෙන්නෙත් නෑ - ඉන්දික අනුරුද්ධ

ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දෙකක් දැමූ පමණින් රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා. දශක පහකට වැඩි දේශපාලන අත්දැකීම් සහිත මහින්ද රාජපක්ෂ එවැනි දෙයින් පසුබට නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝදෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ මහින්ද රාජපක්ෂගේ මුහුණ ඉදිරියට දමා ගනිමින් බවත්, එනිසා මහින්ද රාජපක්ෂ ආරක්ෂා කර ගැනීම ඔවුන් සියලුදෙනාගේම වගකීම බවත් අනුරුද්ධ පවසයි.

මහින්දගේ දේශපාලන කටයුතු නැවැත්වීම සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවද ඔහු පවසනවා.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය සේවා ලෙස ක්ෂේත්‍ර කිහිපයක් වෙනම නම්කර එම ක්ෂේත්‍රවලට පමණක් ඉන්ධන ලබාදීම ගැටලුවට විසඳුමක් නොවන බවයි. 
එකම විසඳුම හැකිතරම් ඉන්ධන ආනයනය කිරීම බවත්, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ඉන්දියාවෙන් හැකිපමණ ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කළ බවත් පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka