gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි

ජූලි 09 දා රටම අකර්මණ්‍ය කරමින් හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ කණ්ඩායම් කීපයක වෘත්තීය සමිති  තීරණය කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳව සැලසුම් කිරීම සඳහා විපක්ෂයේ එම පක්ෂ හා කණ්ඩායම් මෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විනි.

ජනාධිපති හා  අගමැති වහා ගෙදර යා යුතු බවට බල කරමින් පැවැත්වෙන මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා රටේ සියලුම පක්ෂ හා සංවිධානවල සහයෝගය ලබා ගැනීමට සමගි ජන බලවේගය අපේක්ෂා කරයි.

හර්තාල් ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ එක්වීම සම්බන්ධව මෙතෙක් එකඟතාවයක් පල කර නැති අතර ඔවුන්ගේ සහ විපක්ෂයේ තවත් කණ්ඩායම් කීපයක අදහස වී ඇත්තේ හර්තාලයක් ඇරඹීමට ජූලි 09 තෙක් බලා සිටීම කල් වැඩි බවය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජූලි 09ට පෙර රටේ සියලු වැඩ කටයුතු අකර්මණ්‍ය කරමින්  එක් දින හර්තාලයක් කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

- ලංකාසර


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka