රජයේ සංස්ථා මණ්ඩල ආයෙත් ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් සිය තනතුරැවලින් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟතාවය මත තවදුරටත් ආයතන පවත්වාගෙන යාම බව නොහැකිවීම හේතුවෙන් මෙම පිරිස මෙම තීරණය ගෙන ඇතැයිද සදහන්ය.
මේ සම්බන්ධයෙන් දැනටමත් ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුම රජයේ ඉහළ බලධාරීන්ට දැනුම් දී ඇති බවද පැවසේ.
ඉන්ධන හා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මෙම ආයතන රැසක් පවත්වන ගෙන යාම දුෂ්කර වී ඇති නිසා එම ප්‍රධානින් දැඩි කනස්සල්ලට සහ අසරණ තත්ත්වයට පත්ව සිටිතැයි ද දැනගන්නට තිබේ.
දැනටමත් ආයතන බොහොමයක ඉන්ධන හිගය මත සාමාන්‍ය කටයුතු බොහෝ සෙයින් අඩාල ඇත.
