gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහමෝල් හිමියන් අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නෙ මගෙන් – වෙළෙඳ ඇමති නලීන් කියයි

මහ මෝල් හිමියන් කිසි කළෙකට අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නේ  තමන්ගෙන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අද මාධ්‍යයට ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පාරිභෝගික අධිකාරිය කළ වැටලීම්වල සාර්ථක අසාර්ථක බව සම්බන්ධව මේ රටේ ජනතාවට අවබෝධයක් ඇති බව කියන ඇමතිවරයා තමන් ඒ ආකාරයෙන් මෝල් වටේ කැරකෙන්නට සූදානම් නැති බවත් මේ වනවිට තොග හංගාගෙන සිටිනා මහ මෝල් හිමියන් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය සියලුම නීති සම්පාදනය කර ඇති බවත් පැවසීය. 

එම නෛතික රාමුව බලාත්මක කළ පසු සිදුවන දේ බලා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

“ මා මේ  කරන්න යන්නෙ මේකෙ  අවසානයක් දැකිය හැකි විදිහට. මා තියන නීති සහ දැනට  එම නීතිවල තියන අඩුපාඩු හදලා ඉවරයි අනිවාර්යයෙන්ම පැහැදිලිව කියනවා මේ මහමෝල් හිමියො මේ නීතිවලට අනුගත විය යුතුයි. එසේ  නැතිනනම්  අනිවාර්යයෙන් මහමෝල් හිමියන්ට විරුද්ධව   ජීවිතයෙ  මතක හිටින පාඩමක් මා උගන්වනවා.

මේ වනවිට මහමෝල් හිමියන්ට    තමන්ගේ තොග, ගිනුම් පිළිබඳ වාර්තා   විස්තර ලිඛිතව ඉල්ලා තියනවා. එය  ලබා දෙන්න ඔවුන් නීත්‍යානුකූලව බැඳී ඉන්නවා.  ඒ ගැන කටයුතු නොකරන්නේ නම් ඒ ගැන    අනිවාර්යයෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරනවා.    අපි පත් කරලා තියෙන්නෙ වී මෝල් හිමියන් එක්ක සාද කතා පවත්වමින් ඉන්න නෙමෙයි.  ජනතාව වෙනුවෙන්. ජනතාව  පැත්තේ තීන්දු ගන්න. ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

නෙත් – 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka