gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට එරෙහිව අද නීතීඥවරු අලුත්කඩෙන් පාරට බහී! සත්‍යග්‍රහයකුත් ආරම්භ කරයි!

පීඩාකාරී ආණ්ඩුව ගෙදර යවන ලෙස ඉල්ලා ජනතා නීතිඥ සංසදය විසින් සත්‍යග්‍රහ විරෝධතා ව්‍යාපාරයක් අද (ජුලි 1) දියත් කිරීමට නියමිතය.

එම සංසදයේ කැඳවුම්කරු සේනක පෙරේරා කියා සිටියේ මෙම උද්ඝෝෂණය අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙන බවයි.

රජයට ඉල්ලා අස්වන ලෙසත් ගෑස් සහ ඉන්ධන හිඟයට විසඳුම් ලබාදෙන ලෙසත් බලකරමින් මෙම උද්ඝෝෂණය ආරම්භ වන්නේ පෙරවරු 9.30 ට පමණය.

“ඔවුන්ගේ අයිතිය වන රජයට එරෙහිව උද්ඝෝෂණ කිරීමට ඉදිරිපත් වන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඔබට අවශ්‍ය නම් අපි එතන ඉන්නවා” පෙරේරා කීවේය.

මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා නීතීඥයින් 300කට අධික පිරිසක් සහභාගී වන බවද ඔහු සඳහන් කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka