gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවෙන් ලෝක වාර්තාවක්! බ්‍රිතාන්‍යයේ BBCය ලෝකෙටම ඇහෙන්න කියයි!

මෑත කාලයේදී සාමාන්‍ය ජනතාවට ඉන්ධන අලෙවිය නැවැත්වීමේ දැඩි පියවරක් ගත් පළමු රට බවට ශ්‍රි ලංකාව පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ සිට විකාශය කෙරෙන BBC ඇතුළු විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තා කර සිටියා.

ශ්‍රි ලංකාව දශක කිහිපයකට පසු මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බැවින් අත්‍යවශ්‍ය නොවන වාහන සඳහා ඉන්ධන අලෙවි කිරීම අත්හිටුවා ඇති අතර ඉදිරි සති දෙක තුළ බස් රථ, දුම්රිය සහ වෛද්‍ය සේවා සහ ආහාර ප්‍රවාහනය කරන වාහන සඳහා පමණක් ඉන්ධන පිරවීමට අවසර ලබාදී ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

ශ්‍රි ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය පිලිබඳව වාර්තා කරන විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටින්නේ නාගරික ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර රටේ මිලියන 22 ක පදිංචිකරුවන්ට නිවසේ සිට වැඩ කරන ලෙස නිලධාරීන් පවසා තිබෙන බවයි.

වසංගතය, බලශක්ති මිල ඉහළ යාම සහ ජනතාවාදී බදු කප්පාදුව මගින් දැඩි ලෙස පහර වැදී ඇති ආර්ථිකයක් සමඟ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ මුදල් ශ්‍රී ලංකාවට නොමැති බවද ඔවුන් එහි සඳහන් කර සිටිනවා.

ඉන්ධන සහ ආහාර වැනි ආනයන සඳහා ගෙවීමට මුදල් නොමැති බැවින් දකුණු ආසියානු ජාතියක් වූ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇපවීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.

පසුගිය සතියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඩොලර් බිලියන 3ක ඇපදීමේ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියා.

කෙසේ වෙතත් ආහාර, ඉන්ධන සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ගෙවීමට ඉදිරි මාස හය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 5 ක් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා යැයි BBC වාර්තාව සඳහන් කර සිටිනවා.

ශ්‍රි ලංකාවේ අර්බුදය ගැන අදහස් දක්වන Oxford Economics හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඇලෙක්ස් හෝම්ස් BBC වෙත පැවසුවේ ඉන්ධන සීමා කිරීම් “තවත් නරක අතට හැරෙන අර්බුදයක තවත් කුඩා සලකුණක්” බවයි.

කෙසේ වෙතත් ලංකාව විසින් තෙල් නිෂ්පාදකයන් වන රුසියාවට හා කටාර් රාජ්‍යයට නිළධාරීන් යවමින් ලාබ තෙල් ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම වාර්තාව දක්වි සිටිනවා.

ඉදිරි දිනවලදී අත්‍යවශ්‍ය සේවා ඉන්ධන සඳහා රට සතුව ඇත්තේ ඩීසල් ටොන් 9,000 ක් සහ පෙට්‍රල් ටොන් 6,000 ක් පමණක් බව ලංකාවේ නිළධාරීන් ප්‍රකාශ කරනවා.

සාමාන්‍ය ඉල්ලුම යටතේ එම තොග ප්‍රමාණවත් වන්නේ සතියකටත් වඩා අඩු කාලයකට බව ප්‍රකාශ කරන BBC ය නව ඉන්ධන තොග කවදා ලබාගත හැකි වේදැයි තමන් නොදන්නා බව එරට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන බව සඳහන් කර සිටියා.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka