gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මලාට හොඳ කෑම වේලක් නෑ... මානසික අවපීඩනය වැඩිවෙලා... දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා... ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන් - ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුක්කු කියා සිටිනවා.

“මේ වෙනකොට නිසි පෝෂදායී ආහාර වේල් නොලැබීම සහ මානසික අවපීඩනය යන සෑම කාරණයක් එක්කම දුෂ්කර ප්‍රදේශයන්වල ගර්භනී මව්වරුන්ගේ බර අඩුවීමක් පෙන්නුම් කරනවා. මේ දුෂ්කර පළාත්වල සිටින අම්මාවරුන්ගේ පෝෂණ ඌණතා පෙන්නුම් කරනවා. මේ ආර්ථික අර්බුදය පටන්ගත්තාත් සමගම දරුවන්ගේ බර තිබුණු බරට වැඩිය සුළු වශයෙන් බර අඩුවෙලා තියෙනවා.දරුවෝ පනස්දෙනෙක් ගත්තොත්, එයින් 20% බර අඩු දරුවන්. ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් උග්‍ර බර අඩු දරුවන්. ඒ වගේම සෑම දරුවෙක්ගේම බර අඩුවීම් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය ගැන රජය මීට වැඩිය සිතිය යුතුයි” යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිවරිය BBC සමග පැවැත්වූ අසකච්ජාවකදී කියා සිටියා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka